Colombo Today Local News

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

කිලිනොච්චියේ, කනකපුරම් ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. සොහොන් බිම විනාශයට පත්ව ඇති නිසා මෙවර මහ විරු දිනය සැමරීමට නව සොහොන් බිමක් ඉදිකිරීමට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් විසින් රුපියල් ලක්‍ෂ 40ක මුදලක් ලබාදී ඇත.

මන්ත්‍රිවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මේ මුදල ලබාදීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනුමතය ලබාගෙන තිබේ.

කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේ මේ එල්.ටී.ටී.ඊ. සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද, කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී තිබේ. කිලිනොච්චියේ ආරක්‍ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්ව තිබියදී එල්.ටී.ටී.ඊ. සුසාන භූමියක් කිලිනොච්චියේ ඉදිකිරීමට අවසරදීම ප්‍රශ්නකාරී බවයි.

2009 වර්ෂයේ මේ ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී.ඊ. සොහොන් කොත් 97ක් තිබූ බවත් මේ මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම සකස් කරන බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්‍ෂණය කිරීමට ඊයේ (22දා) එම ස්ථානයට පැමිණි ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා පවසා තිබේ.

Mawbima.lk

Related posts

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday