පසුගිය මහ මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ ප්රබලයින් සිවු දෙනෙකු ඉදිරියේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බවට පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.
රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇමතිවරුන් සහ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ එම තීරණය ගනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
තවත් එක් ඇමතිවරයෙක්ද ශ්රිලනිපයට එක්වීම සදහා සාකච්චා කරමින් ඇති බවද පැවසෙයි. මේ තත්වය මත ඉදිරි දිනවල ප්රබල දේශපාලන පිල්මාරුවක් සිදුවනු ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
කෙසේ වෙතත් ඇමති රාජිත සේනාරත්න මහතා අදාල වාර්තා ප්රතික්ෂෙප කරමින් කියා සිටියේ තමන් එවන් කිසිදු සාකච්චාවක නැති බවත්, එක්සත් ජාතික පෙරමුණ හැරයාමේ කිසිදු අදහසක් තමනට නැති බවත්ය.