තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 400ක පාඩුවක් සිදුවී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සගරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ශ්‍රී ලංකා රඩය ඇමරිකානු ඩොලර් බිලියන 200ක් හා එල්.ටී.ටි.ඊ සංවිධානයත් ඒ හා සමානම මුදලක් යුද්ධය වෙනුවෙන් වැය කර ඇතැයි එහි දැක්වෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
මේ පාඩුව ගැන සිතා බලාවත් යළිත් යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමිනි.