World

ඇමරිකාවේ ටෙක්සාස් හී කිතුණු පල්ලියක වෙඩි තැබීමක්.. 26ක් මිය යයි !

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ටෙක්සාස්හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයේ ඉරිදා (5) දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ එහි ඇතුළු වූ තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

පොලිසිය පවසන්නේ සිද්ධියෙන් 25 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි. දේවමෙහෙයට 50ක් පමණ සහභාගී වී සිටි බවත් මියගිය අය අතර කුඩා ළමයින් ද සිටින බවත් පැවසේ.

ඝාතකයා ද ඔහුගේ රථය තුළ මියගොස් සිටියදී හමු වී ඇති අතර පොලිසිය විසින් ඔහු හඳුනාගනු ලැබ ඇත.මෙම ඝාතන සිදු කරන්නට හේතුව කුමක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.

Related posts

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin

ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායක

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Admin