මේ මොහොතේ රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්‘ ප්‍රශ්නය බවත්, නැති ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා මැවීමෙන් සිදුවන්නේ එම ප්‍රධාන ප්‍රශ්නය මගහැර යාමට ආණ්ඩුවට උදවු වීම බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් හෝ කිසිවක් සාදා නැති තත්වයකදී හෙට රට බෙදෙයි වාගේ බොරුවට කෑගසමින් සිටින බවත්, පරාජිත රාජපක්‍ෂ කල්ලිය මේ ගාලගෝට්ටිය පසුපස සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.