Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාව බවට පත්වුවහොත් එය රටට මර උගුලක් බව අමරපුර ධම්මරක්ඛිත මහා නිකායේ මහනායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.

වර්තමාන ආණ්ඩුවේ වැඩකටයුතු ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවත්, මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාවක් බවට පත් කිරීමට ඔවුන්ට විවිධ උපක්‍රමවලින් හැකියාව තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.

මේ පිළිබඳ සැබෑ ලෙස අදහස් දක්වන්නන් රටට බිල්ලන් මවාපාන පිරිස් බවට ආණ්ඩුව හඳුන්වන බවද ආනන්ද හිමියෝ අවධාරණය කළහ.

එහෙත් ව්‍යවස්ථාව සකස් කළොත් එය බිල්ලෙකු නොව මර උගුලක් බවට පත්වන බව අද (24දා) මහා සංඝරත්නය විසින් කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ පවසා සිටියහ.

මේ අවස්ථාවේදී රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ ජනතා ගැටලු විසඳීම බවද මහා සංඝරත්න එහිදී පවසා සිටියහ.

මේ පිළිබඳ සඳහන් කර මහනායක ස්වාමීන් වහන්සේලා හා විද්වත් ස්වාමීන් වහන්සේලා සියය නමක් අත්සන් කළ සන්දේශයක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාරදෙන බවද මහා සංඝරත්නය අවධාරණය කළහ.

Related posts

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

colombotoday

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

colombotoday

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

colombotoday

සිංහල නම්වලින් පෙනී සිටිමින් මුස්ලිම් පල්ලියකට පහරදීමට සැලසුම්කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි…

colombotoday