Colombo Today Local News

ප්‍රභාකරන්ගේ මස්සිනාලා වටකරගෙන තග දමයි.. ජනපති සුදු කොඩි ඔසවයි (Video)

ඊයේ (14) යාපනයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ යෙදෙන ද්‍රවිඩ සන්ධානයේ පිරිසක් හමුවට ගොස් සාකච්ඡාවේ නිරත විය.

එහිදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වන එම්.කේ. ශිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා වටකරගෙන උද්වේගකර අයුරින් අදහස් දැක්වීමට යෑම නිසා එම ස්ථානයේ උනුසුම්කාරී තත්ත්වයක් හටගැණිනි. විරෝධතා තහනම් කරමින් උසාවි නියෝගයක් පණවා තිබියදී එය නොතක මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව යාපනය හින්දු විද්‍යාලයේ පැවති ජාතික දෙමළ භාෂා දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවයි.

“භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව මිනිසුන් එක් කිරීමට පාලමක් කරගත යුතුයි.භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන්කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවත් මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතුයි වගේම එම භාෂා හැදෑරිය යුතුයි. කළු කොඩි වෙනුවට සාමයේ කොඩි ලෙළදවමින් මතු පරපුරේ අපේක්ෂා ඉටුකිරීමට යන ගමනට සහය වන ලෙස සියලූ උදේඝෝෂකයින්ට ආරාධනා කරනවා.“යැයි ජනපතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

colombotoday

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

colombotoday

‘අපට මෙහෙම දෙයක් කරයි කියල කවදාවත් හිතුවේ නෑ…’ රන්ජන්ගෙන් සංවේදී කතාවක්….

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday