Colombo Today Local News

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

මේ පිරිස අතරින් 728 දෙනෙක් සරණාගතයන් ලෙස රැදී සිටින අතර තවත් 605 දෙනෙක් දේශපාලන රැකවරණ පතා රැදී සිටින බව ද අමාත්‍යවරයා පැවැසීය. දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම පරික්ෂණ කරමින් සිටින බවත් ඔවුන්ට දේශපාලන රැකවරණ අවශ්‍ය බව තහවුරු වුවහොත් ඒ සඳහා සුදුසු රටකට යවන අතර එසේ නොවන්නේ නම් මව්රට  බලා ආපසු යවන  බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම පිරිස අතර වැඩිම දෙනෙක් සිටින්නේ පකිස්ථානයෙන් පැමිණි 1037 දෙනා බව ද හෙතෙම සඳහන් කළේය.

මොවුන් අතර ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි 190 දෙනෙක්, ඉරානයෙන්  පැමිණි 18 දෙනෙක්, මාලදිවයිනෙන් පැමිණි 11 දෙනෙක්, මියැන්මාරයෙන් පැමිණි 36 දෙනෙක්, පලස්තීනයෙන් පැමිණි 10 දෙනෙක්, සෝමාලියාවෙන් පැමිණි 14 දෙනෙක්, සිරියාවෙන් පැමිණි එක් අයෙක්, ටියුනීසියාවන් පැමිණි එක් අයෙක් යේමනයෙන් පැමිණි 13 දෙනෙකේ හා නයිජීරියාවෙන් පැමිණි දෙදෙනෙක් ද සිටිති.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (3) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පාසල් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවට චීනයෙන් සහල්

colombotoday

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

colombotoday

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වගාකරුවන් කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලීමෙන් ‘බීජ කහ අල’ හිඟයක්

colombotoday