Colombo Today Local News

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

අම්පාර මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතුවලට ඊයේ දිනයේ නැවතත් බාධා එල්ලවීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දීඝවාපී පරිවාර චෛත්‍යයක් පිහිටි පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කර ඇති මෙම පුදබිමේ ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරා විද්‍යා බලධාරීන් අවසර මත මෙම ඉදිකිරීම සිදු කෙරෙන, අතර එහි වැඩ පටන් ගැනීමේ දී පැමිණි මුස්ලිම් ජාතික පිරිසක් මින් පෙරද පැමිණ විරෝධය පලකිරීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී වැඩකටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

ඊයේ (02) දිනයේදී අම්පාර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පැමිණ එම ඉදිකිරීම් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කටයුතුවලය බාධා කළේ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව පවසමිනි.

එම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක්ද ඉදිකිරීම් අත්හිටුවන ලෙස පොලිසියට ප්‍රකාශ කර ඇත.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1548624705175802/” width=”560″ height=”400″ onlyvideo=”1″]

මානික්කමඩු විහාරයට මුස්ලිම් විරෝධයක්.. හොර බලපත්‍ර හදා විහාර භූමියේ අයිතිය ඉල්ලයි

 

Related posts

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

colombotoday

චීනයෙන් සල්ලි අරන් ඡන්දය කිරීම මහා පාවාදීමක්.. මහින්ද යනු දෙවන දොන් ජුවන් ධර්මපාලයි – පුරවැසි බලය

colombotoday

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday