Colombo Today Local News

මාස හයෙන් දිරන.. දියකරල බොන්න පුලුවන් – අපේ ඉංජිනේරුවෙකු සැදූ අලුත්ම පොලිතීන් වර්ගය මෙන්න

මාස හයක් තුල සම්පූර්ණයෙන්ම දිරාපත් වන කිසිදු අහිතකර සංඝටකයක් අඩංගු නොවන පරිසර හිතකාමී පොලිතීන් විශේෂයක් හදුන්වා දීමට සිවිල් ඉංජිනේරුවරයෙකු සමත්වී තිබේ.

අමිල් ප්‍රියන්ත නමැති මෙම සිවිල් ඉංජිනේරු මහතාගේ නව සොයා ගැනීම වර්ථමාන පොලිතීන් නිශ්පාදකයින්ට සිය යන්ත්‍රසූත්‍ර වෙනස් කමකට ලක් නොකර එලෙසම තිබියදී භාවිතා කරමින් මහා පරිමාණයෙන් නිපදවීමට හැකියාව පවතී.

අද(01) සිට ශ්‍රී ලංකාව තුල පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීම තහනම් වන අතර එවන් තත්වයක් යටතේ මහජනතාවගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන අතරම අදාළ කර්මාන්තයේ නියැලී සිටින දහස් ගණනකගේ ජීවනෝපායමාර්ගය ආරක්ෂා කරගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

මෙම නව පොලිතීන් වර්ගය උණු ජලයේ සම්පූර්ණයෙන්ම දියවී යන අතර පසුව එම ජලය පානය කලද කිසිදු හානියක් නැත. මෙම පොලිතීන් වර්ගය ගිනි තැබූවද සාමාන්‍ය පොලිතීන් මෙන් දියවි නොවැටෙන අතර කඩදාසියක් ගිනිතැබූවාක් මෙන් දහනය වේ.

ස්වාභාවික පිටිවර්ග සහ එළවලු තෙල් ඇතුලු අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම පොලිතීන් වර්ගය නිශ්පාදනය කරනු ලබයි. පොලිතීන් නිශ්පාදනය සහ භාවිතය තහනම් කර ඇති පරිසරයක මෙම නව නිශ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ සහ අදාළ ආයතන වල වගකීම වේ.

[fbvideo link=”https://www.facebook.com/priyanthagodegama2015/videos/1243226739155899/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday

මරික්කාර්ගේ කනෙන් අල්ලා සිරසෙන් දොට්ට දමයි – ජනපති පවුලේ ඉල්ලීම කිලී මහරාජා ඉටුකරයි

colombotoday

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday