Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

මීට ඉහතදී ද ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමරිකා මානව හිමිකම් සංවිධානයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම පිළිබඳව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීවේය.

Related posts

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කාරක සභාව පිහිටුවයි

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday