Colombo Today Local News

හමුදාවේ අතපය බැඳදමන චක්‍රලේඛයක් නිකුත් වෙයි.. උතුරේ ප්‍රචන්ඩක්‍රියා මැඩලීමට දැඩි බාධා !

සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීම හෝ පරීක්‌ෂා කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කරමින් ආරක්‌ෂක අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

උතුරේ ඇතිවෙමින් පවතින කලහකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට හා ඒවා මැඩ පැවැත්වීමට මෙම චක්‍රලේඛය දැඩි බාධාවක්‌ වී තිබෙන බව ආරක්‍ෂක අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්‌ පැවැසීය.

ත්‍රස්‌තවාදය සහමුලින් අවසන් වී නැති බවත් එල්.ටී.ටී.ඊ.ය මුලින් ආ විදිහටම යළි ඒමට හදන උත්සාහය නැවැත් විය යුතු බවත් පොලිස්‌පතිවරයා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන එම උසස්‌ නිලධාරීහු එවැනි පසුබිමක්‌ තුළ සිවිල් වැසියන් පරීක්‌ෂාවට ලක්‌කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කිරීම ප්‍රශ්න සහගත ක්‍රියාවක්‌ බවත් පැවසූහ.

මෙම චක්‍රලේඛය මගින් ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් පසු හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා සියලු දෙනා සිවිල් නීතියට යටත්වන බවයි.

සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය විසින් බව එහි සඳහන් වේ.

යම් අපරාධයක්‌ සිදුවූ අවස්‌ථාවක හෝ හමුදා සාමාජිකයන් විසින් ඒ ගැන පොලිසියට දැන්විය යුතු බව අත්අඩංගුවට ගැනීම් සිදුනොකළ යුතු බව එහි සඳහන් වේ.

කැලෑ සටන් පුහුණුවීම්වලට නීති විරෝධීව කැලෑ කපන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය තිබුණද මේ චක්‍රලේඛය අනුව ඒ බලය ද අවලංගු වී ඇත. මෙවැනි අවස්‌ථාවකද හමුදාව අදාළ පොලිසියට පැමිණිලි කළ යුතුව ඇත.

චතුර පමුණුව – ඉරිදා දිවයින

Related posts

කොවිඩ් සිරුරු භුමදානයට ඉරණතිව් දුපත තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකි – රවුෆ් හකීම් කියයි

colombotoday

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

colombotoday

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday