Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉකුත් මැයි මස 21 දා අලුයම කාලයේදී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර අසාඩ් සාලි වැනි පිරිස් මුස්ලිම් ජනතාව කුලප්පු කිරීමේ නින්දිත උත්සහයක ද යෙදුණා හ.

ඇති වු තත්ත්වය හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරය මුස්ලිම් පල්ලියට එල්ල කිරීම සම්බන්ධව ගලගොඩාඅත්තේ හිමිගේ බොදුබල සේනාවේ සමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ඒ දිනවල මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුනි.

එහෙත් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල එම සැකකාර තරුණයන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම පසුගිය දා කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් නිසා නිදොස් කොට නිදහස් කර ඇත.

රස පරීක්ෂක ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැරදි නිගමනයන්ට එලබ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණියන්ව සැක පිට අත් අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට දැඩිලෙස අවවාදය කොට එම තරුණයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.

Lankacnews

Related posts

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

colombotoday