Colombo Today Local News

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ වෙනත් පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින බෞද්ධ සහ ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් 102.1FM සංඛ්‍යාතය ඔස්සේ පවත්වාගෙන යන දෙමළ නාලිකාවේ පෙරවරුවේ සහ පස්වරුවේ පැය දෙක බැගින් ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් විසුරුවා හරින බව තහවුරු කරගෙන තිබේ. ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දෙන බව අමාත්‍යාංශය මඟින් නිරීක්ෂණය කර තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.

එසේ ම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් වන බෞද්ධයා නාලිකාව මඟින් ද බෞද්ධ වැඩසටහන් අවසානයේ සංහිඳියාවට බාධා ඇති කරන ප්‍රකාශ ප්‍රචාරය කරන බව ද නිරීක්ෂණය වී තිබේ. මේ නිසා ඒ සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කර දෛනික වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මීට අමතරව ඇතැම් රූපවාහිනී නාලිකා මඟින් අධිරජ ධර්මාශෝක වැනි වැඩසටහන් හරහා අන්තවාදී මත සමාජගත කිරීමේ උත්සාහයක යෙදී සිටින බවත්, එම වැඩසටහන් ද නිරීක්ෂණය කළ යුතු බවත් මාධ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් සහ ඇමැතිවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දී තීරණය වී ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අදාළ සංවේදී කරුණු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ද දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

පරාක්‍රම දිසානායක
– සත්හඬ

Related posts

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

වැඩිමිලට ඉන්ධන විකුණු බවුසර් රථයක් අත්අඩංගුවට

colombotoday

විපක්ෂ නායක මහින්ද දරුවන් සමග පාසල් යයි !!

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday