Colombo Today Local News

‘අපි එකග නෑ.. නාහිමිවරුන්ගේ ප්‍රකාශය යළි සළකා බැලිය යුතුයි‘ – දෙමළ සන්ධානය

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි යනුවෙන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැව් දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කියා සිටියේ තෛනිකායික මහා නාහිමිවරුන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට මහා නිහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් යහපාලන ආණ්ඩුව පත් කර ගැනීමට කටයුතු කරනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් බවත්, නව ව්‍යවස්ථාව තුළින් සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාව පවතින බවත් නිර්මලනාදන් පවසයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම අවශ්‍ය නැතැයි තෛනිකායික මහා සංඝරත්නය පැවසීම සම්බන්ධයෙන් නැවත වතාවක් සළකා බලන ලෙසට ඉල්ලීම් කරන බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

ඔහු පැවසූවේ වර්තමානයේදි සියලු ජාතීන් එක්ව සියලු ජාතීන්ට පිළිගත හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සාකච්ජා කොට අදාළ අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසර දෙකක කාලයක් අදාළ ක‍්‍රියාවලිය මේ වන විට සිදුකොට හමාර බවයි.

එලෙස සියලුදෙනා පිළිගන්නා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම නවතා දැමීම තුළින් නැවත උතුරු නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවද මන්ත්‍රීවරයා පැවසූවේය.

Related posts

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday