Colombo Today Local News

ආණ්ඩුව සෑම දවසක් ගානේ රුපියල් මිලියන 3390 ක් ලෝකෙට ණය වෙයි..! අලුත්ම වාර්තාව මෙන්න

ශ්‍රීලංකා මහා බැංකුව ජූනි මස 27 වෙනිදා ඇ.ඩොලර් මිලියන 515 ක් එනම් රුපියල් මිලියන 79825 ක බැදුම්කර වෙන්දේසියක් පවත්වා ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ලබා ගෙන ඇත.

මහා බැංකුවේ වෙන්දේසි නිවේදනය පහත පලවේ.

ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9864 දක්වා 2016 දෙසැම්බර් 31 දිනට වැඩි වී ඇති බැව් රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව පැහැදිලි කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාව පිටුව අංක 364 හි සමස්ථ ණය ලෙස 9,864,512 ලෙස දක්වා ඇත.

මෙම සමස්ථ ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය ජනවාරි 8 වෙනිදා භාර දෙනවිට තිබු එනම් නිදහසෙන් පසුව 1950 සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගත් ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 7391 ට වඩා බිලියන 2473 ක වැඩිවීමකි. ඊට අමතරව මේ වසරේ මුල් මාස 6 තුල ද සැලකිය යුතු ණය ප්‍රමාණයක් මේ දක්වා ආණ්ඩුව දේශීයව හා විදේශීයව ලබා ගෙන ඇති අතර එම ප්‍රමාණය මෙහි අඩංගු නැත. මේ අනුව මේ ආණ්ඩුව තිබෙන සෑම දිනකම දිනකට රුපියල් මිලියන 3390 ක් ( බිලියන 3.3) ණය වෙමින් සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යන බව පැහැදිලි ය.

එදා 30 අවුරුදු කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට රටේ අති විශාල සංවර්ධනයක් කොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දිනකට ණය වුනේ මිලියන 1416 යි. එනම් වසර 10 ට ම රුපියල් බිලියන 5161 කි

Related posts

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

colombotoday

බෑණාගේ කැතිපහරින් නැන්දම්මා මරු දකී

Admin

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday