Colombo Today Local News

සියළුම මුස්ලිම් පක්ෂ එකට එකතුවෙයි.. ඉදිරි මැතිවරණයේදී එකම පෙරමුණකින් එයි !

මෙරට මුස්ලිම් ප්‍රජාව එක්සත් කිරීමේ අරමුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා තරග කිරීමට සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂවල එකතුවෙන් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිට ආරම්භ කොට ඇති බවත් විශේෂයෙන් මෙරට මුස්ලිම් ප්‍රජාවට සිදුවන ගැටලුවලට සාමූහිකව මුහුණදීමේ අරමුණින් මේ සන්ධානය ගොඩනඟන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා පැවැසීය.

උතුරේ දෙමළ ජනතාව සිය ගැටලුවලට නොබියව මුහුණදෙන්නේ ඔවුන්ගේ එකමුතුකම නිසා බව පෙන්වා දුන් හසන් අලී මහතා, මේ වනවිට මෙරට මුස්ලිම් ප්‍රජාවගේ එවැන්නක් දකින්න නොලැබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවැනි සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට මුස්ලිම් උගතුන් විසින් මුස්ලිම් පක්ෂවලට දැඩි විවේචනයක් එල්ල කරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් පක්ෂවලට මෙපමණ කලක් සිදුවූයේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ බලයට පත්කිරීමට කශේරුවක් වී පසුව දැහැටි දණ්ඩක් ලෙස විසිවී යෑම බවය.

(මව්බිම)

Related posts

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

colombotoday