Colombo Today Local News

බීම බෝතල්වලට සීනි මට්ටම පෙන්වන වර්ණ තීරුවක්

dfsd33

සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප‍්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් පත‍්‍රය අගෝස්තු 1 වැනිදා සිට ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක අඩංගු සීනි ප‍්‍රමාණය ග‍්‍රෑම් 11ට වැඩි නම් රතු වර්ණයෙන් ද, ග‍්‍රෑම් 02ත් 11ත් අතර මධ්‍යස්ථ මට්ටමක පවතී නම් කහ වර්ණයෙන්ද ග‍්‍රෑම් 02ට අඩු නම් කොළ වර්ණයෙන් ද දැක්විය යුතු බව ඒහාසම්බන්ධ ගැසට් නිවේදනයෙහි දැක්වේ.

මෙමගින් ජනතාවට තමන්ට සුදුසු සෞඛ්‍යාරක්‍ෂිත බීම වර්ග තෝරාගැනීමේ අවස්ථාව හිමිවන අතර එමගින් බෝ නොවන රෝග පාලනය කරගැනීමට ද හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin