Colombo Today Local News

මැති ඇමැතිවරු 40 ක් රුපියල් කෝටියක ජල බිල්පත් ගෙවලා නෑ !

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ දේශපාලඥයන් හතළිස්දෙනකු රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බව වාර්තා වේ.

එම පිරිසෙන් එක් දේශපාලකයකු ලක්ෂ 18ක තරම් හිඟ බිල්පත් ගෙවීමට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය දේශපාලන බලය භාවිත කර ගනිමින් ඔවුන් ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති බවත් ඔවුන්ගෙන් බිල්පත් අය කර නොගත්තේ මන්දැයි යන්න ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇති බවත් එම මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් විසිදෙනකු පමණ ද, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස සිටි විශ‍්‍රාම වැටුප් ලබන මන්ත‍්‍රීවරු දහදෙනකු ද මියගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දහදෙනකුගේ නිල නිවාස ද මෙසේ බිල් ගෙවීම් පැහැර හැර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ අතර පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජල පාරිභෝගිකයන් රුපියල් කෝටි 821ක හිඟ ජල බිල්පත් ගෙවීමට ඇති බව ද වාර්තා වේ.

සිරිමන්ත රත්නසේකර

Related posts

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට පස්පඩංගුවේ බැණවැදී තර්ජනය කළ හැටි මෙන්න

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday