Colombo Today Local News

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

දේශපාලනය නොදන්නා සහෝදරයන් විසින් හිටපු ජනාධිපතිවරයා විනාශ කළ බව සෞඛ්‍ය ඇමැති පවසයි.

අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 20 ක් වන අතර ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 70 ක් වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම පානීය ජලය රජය විසින් ලබා දෙනවා. විදුලි බලයත් එහෙමයි. රජය සිදු කරන සාර්ථක වැඩසටහන් වලට විපක්ෂය විරෝධය පල කිරීම දේශපාලනයේ සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකාබද්ධ වීම හේතුවෙන් විවේචන අවම වී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ හිටියම ජනතාවට සේවය කරන්න පුලුවන්. විපක්ෂයේ සිටින විට විරෝධතා පවත්වන්න පුළුවන්.

වත්මන් රජය තුල ජාත්‍යන්තර සබඳතා ඉතාම හොඳයි. හදිසි ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට විදේශීය ආධාර ගලාගෙන එනවා. රජය අවබෝධයෙන් කටයුතු කරනවා. විවිධ කථා පවත්වමින් රට හදන්න බැහැ. වැඩ කල යුතුයි. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙන්න තිබුණා. එම ව්‍යවසනයෙන් යහපාලන රජය රට බේරා ගත්තා. එවැනි තත්තවයක් උදා වෙන බව මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහතාට බලයේ සිටින විට පෙන්වා දුන්නා. නමුත් දේශපාලනය නොදන්නා සහෝදරයින් විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විනාශ කලා. ජනප්‍රියත්වය මත රජය පවත්වා ගෙන යාමට ඔවුන් උත්සාහ කලා. නමුත් රට විනාශ වුණා. තිරණාත්මක අර්බුදවලින් රට බේරා ගත්තා. යහපාලන රජයේ වේගය මදි. ඊට භේද තිබෙනවා. එම භේතු ප්‍රකාශ කර වැඩක් නැහැ. වැරැදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක් බිහි කල යුතුයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

Related posts

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ජනපති සටනට. – ජවිපෙන් ග්‍රීන් ලයිට්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

colombotoday

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin