Colombo Today Local News

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක පවතියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ පිළිබඳව කියා සිටියේ මෙසේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 62ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කර ඇති නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඇති බැවින් එම නඩුවලින් ඔවුන් වැරැදිකරුවන් වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම වරදට හිමි දඬුවම වන්නේ වසර හතක ඡන්ද අයිතිය අහිමිවීම සහ එම ඡන්ද අපේක්ෂකයාට හිමි ආසනය අහිමිවීම වෙයි.

මේ අවදානම් තත්ත්වයට පත්ව සිටින ඡන්ද අපේක්ෂකයන් හැට දෙදෙනාට එල්ල වී ඇති චෝදනා වෙන්නේ අල්ලස් දී ඡන්දය ලබා ගැනීමට උත්සාහ කිරීම, ඡන්දය මුදලට ලබා ගැනීමට කටයුතු කිරීම කූඨ ලේඛන සකස් කිරීම ඡන්ද කාඩ්පත් හා ජාතික හැඳුනුම්පත් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පහර දීම් බැණ තර්ජනය කිරීම් පහර දීම් ඇතුළු වෙනත් ඒ හා සමාන වැරැදි සිදු කිරීම් ඇතුළු විවිධ වැරැදි විශාල සංඛ්‍යාවකට අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් 62ක් සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාග වෙයි.

එම අපේක්ෂකයන් එම වැරැදි සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට පැමිණවීමෙන් පසු ඇප ලබා සිටින අය වෙති.

මේ 62 දෙනා අතරින් දෙදෙනෙක් තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති‍.

මේ අනුව පසුගිය දෙසැම්බර් 09 වැනි දින සිට මේ දක්වා පොලිස් මූලස්ථානයට වාර්තා වු මැතිවරණ පනත උල්ලංඝනය කිරීම් 191ක් ද මැතිවරණ පැමිණිලි 640ක් සමඟ පැමිණිලි 831ක් වාර්තා වී ඇත.

මෙසේ අවදානම් තත්ත්වයේ ඇති ආසනවලට තරග කරන එම අපේක්ෂකයන් මැතිවරණ නාමයෝජනා ඉදිරිපත් කළ ප්‍රධාන පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයකටම අයත් වෙති.

Related posts

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Admin

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday