රට වටා

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

මෙරට සියලු ජනතාව පිළිගන්නා ආකාරයේ විසඳුමක් උතුරේ අර්බුදයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. මෙය ජාතිවාදී අයුරින් දැක ප්‍රකාශ කිරීම අතහැර දමා මීට සහාය වන්නැයි තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බවද විපක්ෂනායකවරයා සඳහන් කරයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදීමට උත්සහා දරන බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එක්සත් ලංකාවක් තුළ වූ විසදුමක් ගෙනෙන බවත් ඒ මහතා කියයි.

“අප ලබා ගන්නා දේශපාලන විසඳුම මෙරට සියලු ජනකොටස් පිළිගන්නා ආකාරයේ විසදුමක් විය යුතුයි. 70 වසරක් පුරා විසදුම් හිමි නොවූ ජාතික ප්‍රශ්නයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට සහාය වන්නැයි මා ඉල්ලා සිටිනවා. එය මහින්ද මහත්තයාගේද වගකීමක්“යැයි සම්බන්ධන් මහතා පැවසීය.

Related posts

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday