Colombo Today Local News

කොළඹ කුණු නසන්න ආ සමාගම් දෙකකින් චම්පික කෝටි 52ක්.. ඉසුර කෝටි 45ක් අල්ලස් ඉල්ලලා !

කොළඹ නගරය ආශ්‍රිතව එකතුවන කැලි කසළවලින් විදුලිය නිෂ්පාදනයට ආ ජර්මානු සමාගමකින් ඇමති චම්පික රණවක විසින් කෝටි 52ක අති විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි නිසා ව්‍යාපෘතිය අතහැර දමා එම සමාගම රටින් පිටව ගිය බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

ඇමතිවරයා යටතේම ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී අදාල ජර්මානු සමාගම තෝරා මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගන්නා ලද බවත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නම් ඩොලර් මිලියන 3.5ක් හෙවත් රුපියල් කෝටි 52ක මුදලක් අල්ලස් ලෙස ලබා දෙන ලෙස ඇමති රණවක සිය ගෝලයන් මාර්ගයෙන් සමාගමට දැන්වූ බවත් එම පුවත් වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම කොළඹ කුණු ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සදහා පැමිණි කැනේඩියානු සමාගමකින් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රියට කෝටි 45ක කොමිස් මුදලක් ඉල්ලා සිටීම නිසා එම සමාගමද ව්‍යාපෘතිය අතහැර ගිය බව එම වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

අදාල වාර්තාව මෙතනින්

Related posts

හාල් නැවක් මග එනවා.. අඩුවට දෙනවා, ටිකක් ඉවසන්න.. ආණ්ඩුව මූදට දත නියවයි !!

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

colombotoday