World

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඔන්න මෙන්න යැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය.

නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද පැවැසෙයි.

නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය.

රුසියන් හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා නගයි.

මේ වනවිට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 400 කි.

Related posts

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට තීරණය කරයි

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday