Colombo Today Local News

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අවශ්‍යනම් සාප්පු සවාරි නොයන ලෙස වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.

විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් හා නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන්ට ( දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ) මෙම වෛරසය පහසුවෙන් ආසාදනය වන බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙසයි ඇය කියා ඇත්තේ.

මෙම වෛරසය ඕනෑම ස්ථානයක තිබිය හැකි බැවින් සබන් ගා නිතරම අත් පිරිසිදුව තබා ගැනීම අවශ්‍යවන අතර මුහුණ හා කට අපිරිසිදු අත්වලින් පිස දැමීමෙන් හා ඇල්ලීමෙන් මෙම වෛරසය පහසුවෙන් ස්වසන මාර්ගයට ඇතුළුවිය හැකි බවද ඇය පෙන්වා දී තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලායන පිරිස ඉතා අධික බැවින් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන් හා වයස්ගත පුද්ගලයින් එම පිරිස අතරට නොයා විකල්ප ක්‍රමයක් ලෙස එනම් අවුරුදු තදබදයට පෙර ගම්බිම් බලා යාම වඩාත් උචිත බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Related posts

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

කොකේන් තියා මල් පැකට් එකක්වත් ගන්න සල්ලි නෑ. ඒකත් දැන් දෙදාහයි – එජාප මංත්‍රී තුෂාර ඉඳුනිල්

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin