Colombo Today Local News

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

ඉහළ ගොස් ඇති රසායනික පොහොර මිල ගණන් පාලනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජයේ පුර්ණ මැදිහත් වීමෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලෝක වෙළෙඳ පොළේ රසායනික පොහොර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලබන පොහොරවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවය.

“දැන් ඒ අය කියනවා අපි මේ පොහොර තහනම් කරලා තියෙනවා කියලා. නෑ පොහොර තහනමක් නෑ දැන්. ඕන කෙනෙකුට පොහොර ගෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. රටින් පොහොර ගේන්න පුළුවන්. හැබැයි ජනතාවගේ ප්‍රශ්නේ තියෙන්නේ පොහොර මිල වැඩියි කියන එක. මිල අඩුකරන වැඩපිළිවෙල ඉදිරියේ දී මේ ආණ්ඩුවෙන් කටයුතු කරනවා. ලෝක වෙළෙඳපොළේ විශාල වශයෙන් පොහොර මිල වැඩිවුණා කොවිඩ් එක්ක. ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි. විශේෂයෙන් ම ගොවි ජනතාවට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් ඉහළ පොහොර ඉදිරි කාලයේ දී රජය මැදිහත් වෙලා අපි ලබලා දෙන්න කටයුතු කරනවා.”

Related posts

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න බුද්ධ ප්‍රතිමාව ඉවත් කරලා

Admin

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

රුමේනියා රැකියා ජාවාරමේ ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

Admin