Colombo Today Local News

විල්පත්තුවෙන් කෑල්ලක් ඉල්ලා දිගටම බලපෑම්… බදියුදීන් ඇමතිකමෙන් ඉවත් වෙන්න යයි !!

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 4ක් සංරක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය මාර්තු 24 වනදා නිකුත් කල ගැසට් පත්‍රය අවලංගු කර නොගන්නේනම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධුරයෙන් රිෂාද් බදියුදීන් මහතා ඉලල්ලා අස්වීමට තීරනය කර ඇතැයි පැවසෙයි.

පසුගිය 28 වනදා, කොහුවල සුනේත්‍රාෙද්වී පාරේ අංක 12 ස්ථානයේ ලංකා සතොස 328 වැනි ශාඛාව විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණ අවස්ථාවේදි අදාල ගැසට් පත්‍රය පිලිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රිෂාද් බදියුදීන් ඇමතිවරයා ඉල්ලීමක් කර ඇති අතර මේ දක්වා ඒ සදහා ඊට අවස්තාවක් ලබා දී නැත.

අනතුරුව අගමැති රනිල් වික්‍රසිංහ මහතා හමුවූ ඇමතිවරයා අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වා ඇත.

අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් ගැසට් නිවේදනයට විරෝධය පලකරමින් පසුගියදා ඔහු විසින් පදිංචි කරන ලද මුසිල්ම් ජනතාව විසින් පසුගියදා විරෝධතාක්ද සංවිදානය කර තිබිණි. ගැසට් නිවේදනය අවලංගු කරගැනීම සදහා අමාත්‍යවරයා මුස්ලිම් සංවිධාන සහ විවිධ පාර්ශව මෙහෙයවමින් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර අදාල ගැසට්පත්‍රය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර, මුස්ලිම් ජනතාව පදිංචි ඉඩම්වලට හා ඔවුන්ගේ දේවස්ථානවලට එමගින් කිසිදු හානියක් සිදු නොවන බව ප්‍රකාශ කර ඇත.

මෙම ගැසට් නිවේදනය දඩමීමා කොටගෙන ඇතැම් කුමන්ත්‍රණකාරී පිරිස් මන්නාරම දිස්ත්‍රීක්කයේ දකුණු මූසාලි ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ජීවත් වන මුස්ලිම් ජනතාවට හා ඔවුන්ගේ සංස්කෘතික ජනජීවිතයට බලවත් අකටයුත්තක්, අසාධාරණයක් සිදුවී ඇති බව පවසමින්, යහපාලන ආණ්ඩුව හා ජනාධිපතිවරයා විසින් තමනට සාමය දුන් උතුරේ මුස්ලිම් ජනතාව අනාථභාවයට පත්කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් සිටින බවත්, එකී කුමන්ත්‍රණකාරී චෝදනා මත, මුස්ලිම් ජනතාවල තමන් ජනාධිපතිවරයා කෙරෙහි තැබූ විශ්වාසය බිඳවන්නට කටයුත්ත කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

Related posts

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට

colombotoday

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday