Colombo Today Local News

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට අද උදෑසන 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බවජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

එම මණ්ඩලය පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි බල පරිපතයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ය.

මේ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ රත්මලාන ප්‍රදේශයේද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

එහි සභාපති, අලහුඩීන් අන්සාර් මහතා සඳහන් කලේ, එම කාලය තුළ ජල බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බව ය.

Related posts

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

colombotoday