2016 දෙසැම්බරයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවිය doenets.lk ඔස්සේ බලාගත හැක.
නිකුත් වූ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙක් ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.
දෙවැනි ස්ථානය මහනුවර මහමායා බාලිකාවේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම්. සුගත් රවිදු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගේ හිමිකරගෙන තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ පබසරා හේරත් ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.
පස්වැනි ස්ථාන තුනක් ලබා ඇති අතර කොළඹ දේවී බාලිකා විදුහලේ රනුමි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ධම්සරා මේදාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.අභිමන්තන් එම සිසු සිසුවියෝ වෙති.