Colombo Today Local News

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

සම්මුති ආණ්ඩුවේ යම් පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තේ සිටගත යුතු බවත්, ඔහුට සහය පළ කළ යතු බවවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පලකරමින් ඔහු මේ බව පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව හැදු ආණ්ඩුව පුපුරා යමින් පවතින්නේ නම් එය පුපුරා යාමට ද සහය දිය යුතු බව නානායකක්කාර මහතා පවසයි.

‘‘මේ වන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය බරපතලයි. ආණ්ඩු විරෝධී ක්‍රියා මෙහෙයවන්න බැරි නිසයි ඔහු උපවාස කරන්නේ. ඔහුට ඇප ලබා දීම ආණ්ඩුවේ වගකීමක්‘‘

‘‘චම්පික රණවක ඇමතිවරයාත් හම්බන්තොට කමිටුවෙන් අස්වෙලා. හම්බන්තොට වරායේ ඇති වියවුල් එයින් පෙනෙනවා. අනාගත පරපුරේ හිමිකම් අහිමි කරමින් පාවාදීමි වැඩිවෙලා තිබෙනවා. ඒවා බලා ඉන්න බැරි තැනයි විජේදාස රාජපක්ෂ මහතා කථා කළේ. මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිස් කථාකළේ ඒ නිසයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

Related posts

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

Admin

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

මැකෝ – සජිත් ගැටෙති

colombotoday

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday