කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත.
කොවිඩ් කමිටු රැස්වීමේදීද ඊයේ (30)දින මේ ගැන සාකච්ඡා වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවයි.