Colombo Today Local News

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්, බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිති යෝජනා හයක් ඉදිරිපත් කර ඇති අතර නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු බව එහි සඳහන් වේ.

වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එය වසර තුනක් තුළදී අවසන් කළ යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමට ද යෝජනා කර තිබේ.

මෙම යෝජනාවලියට එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව සඳහන් කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.

Related posts

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

රිෂාඩ් බදුර්දීන් සමගි ජන බල වේගය හැර යයි? සජිත් පිලේ ජේෂ්ඨයින් කලබලයට පත් වේ

colombotoday

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

colombotoday