Colombo Today Local News

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

රථවාහන වරදවල් සදහා රුපියල් 25,000ක් ලෙස 2017 අය – වැය මගින් යෝජනා කර තිබූ දඩ මුදල් රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ සදහා සෙයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබේ.

අය – වැය යෝජනා මගින් නියම කල දඩ මුදල්වලට බස් සංගම් හා ත්‍රීරෝද රථ සංගම් දැඩි විරෝධතාවක් පළ කරමින් පසුගිය දෙසැම්බර් මසදී දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත්කරනු ලැබීය.

රියැදුරු බලපත් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපත් නොමැත්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය දුම්රිය මාර්ගයකට ඇතුළු කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරැදි සම්බන්ධයෙන් රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් අයකර ගත යුතු යැයි එම කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම දඩ මුදල්වලට අමතරව මාස 3 සිට වසර 10 දක්වා බන්ධනාගාරගත කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සඳහා වූ නෛතික ප්‍රතිපාදනද කමිටුව යෝජනා කර ඇත.

මේ කමිටු වාර්තාව ලබන මස මුල් සතියේදී ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

දේශපාලන හස්ථයන්ගෙන් මෙහෙයවන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නෑ – ජනපති

colombotoday

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday