Colombo Today Local News

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් විසින් ළගදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත්පත් ජාලයට සහ, රූපවාහිනී හා ගුවන්විදුලි ආයතනයට, ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හා නිර්මාණ ශිල්පීන් රැසක් එක්වෙමින් සිටින බව වාර්තා වේ.

ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත්කරන විජය නිව්ස්පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදීන් හා කාර්ය මණ්ඩලයේ 25ක් පමණ එක්වීමට සූදානමින් සිටින අතර, ‘දේශය‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රසාද් අබේවික්‍රම මේ සතියේ ඉවත්ව ගොස් ඇත. මව්බිම පුවත්පතේ හිටපු කර්තෘවරයා සහ සේවකයන් පිරිසක් මීට පෙර ඉන් ඉවත්ව බැදුම්කර සමාගම සමග එක් වී තිබිණි.

මේ අතර අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන ඇති, නව මුහුණුවරකින් ළගදීම එළිදැක්වීමට නියමිත ‘සියත‘ රූපවාහිනියේ සේවයට හිරු, දෙරණ, ස්වර්ණවාහිනී ආයතනවල සේවයකල ජනප්‍රිය ශිල්පීන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී එක්ව තිබිණි.

මෙම නව මාධ්‍ය ජාලයට එක්වන මාධ්‍යවේදීන්ට ඉතා ආකර්ෂණීය වැටුප් සහ දීමනා රැසක් ලබා දීමට බැදුම්කර සමාගම විසින් එකගතාවය පළකර ඇති බවද පැවසේ.

Related posts

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

colombotoday

කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු ප්‍රදේශයට සමුදෙද්දී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හඬා වැටේ

colombotoday

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

Admin

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday