සියලුම පොලිස් නිලධාරීන් සදහා මේ මස සිට 40%ක වැටුප් වැඩිකිරීමක් සිදු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මේ වැටුප් වැඩි කිරීම මේ වසරේ ජනවාරි මස සිට ක්රියාත්මක වන පරිදි වැඩි කිරීමට අනුමතය ලැබී ඇති බවද මේ වන විට දෙපාර්තමේන්තුවේ 17%කට මේ වැටුප් වැඩි කිරීම හිමිව ඇත.
මේ මාසයේදී වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන්නේ එසේ වැටුප් වැඩිවීමක් සිදු නොවුණු දෙපාර්තමේන්තුවේ 23%ක් වූ සෙසු පිරිසට බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.