Colombo Today Local News

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි දර්ශන ඇතුළත් කරන ජංගම දුරකතන,පරිගණක වල තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම් මේවනවිට පොලිසිය සතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරීමේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවත් එහි නවතම දත්ත අනුව ජූලි මස 17 වන දා සිට ඊයේ(28)දින දක්වා අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17629කට අධික ප්‍රමාණයක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related posts

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

ඊනියා මාධ්‍යවේදීන්ට එන්ජීඕකාරයන් ලොකු වුණාට ජාතිය රකින ඥානසාර හිමියන්ව රටට වටිනවා

colombotoday