Colombo Today Local News

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි තාවකාලිකව වසාදැමීමට සිදුවී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එලෙස ජනවාරි 3වනදා සිට තෙල් පිරිපහදුව වසාදමන බවය.

අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30ට පෙර පිරිපහදුව යළි ආරම්භ කරන බවද දැනුම්දෙයි.

කෙසේවෙතත් සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමීමට සිදුවුවත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව දිගුකාලීන බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොර තෙල් සැපයීම ආරම්භවනුයේ ජනවාරි 26 වන දින සිටය.

බොරතෙල් මිලදීගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90ට පෙර අදාළ සමාගමට දැනුම්දිය යුතුය.

එමෙන්ම හදිසි මිලදීගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීමද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි..

ඒ අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනම් බොර තෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයනුයේ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14% සහ ඩීසල් 29% පමණි.

බොරතෙල් තොග නොමැතිවීම හේතුවෙන් මීට පෙර නොවැම්බර් මස 15 වන දින සිට ද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින කිහිපයක් තාවකාලිකව නතර කර තිබුණි.

Related posts

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

Admin

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

Admin

ගතවන දිනයක් දිනයක් පාසා මාලිමාණ්ඩුව ජනප්‍රිය වෙනවා

Admin

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday