Colombo Today Local News

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමට හොරණ -වගවත්ත ආයෝජන කලාපයෙන් අක්‌කරයක්‌ රුපියල් සියය බැගින් අක්‌කර 100 ක්‌ ලබා දුන් ආකාරයටම ඊට යාබද තවත් අක්‌කර 340 ක්‌ අක්‌කරයක්‌ ඩොලර් එක බැගින් ආයෝජන මණ්‌ඩලය විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකොට රජයේ අනුමැතියකින් තොරව ආයෝජන මණ්‌ඩලය මෙලෙස එම අක්‌කර 340 භූමිය පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඉන්දියානු මර්බොක්‌ නමැති සමාගමට මේ ඉඩම පවරා ඇති අතර ඊට අමතරව තවත් සහනයක්‌ ලෙස එම සමාගමට විදුලිය ඒකකයක්‌ රුපියල් එකයි ශත පනහ බැගින් ලබාදීමට කටයුතු කර ඇතැයි ද හෙළි වී තිබෙන බව එම ආරංචි මාර්ග කියා සිටී.

ආයෝජන මණ්‌ඩලය මේ අයුරින් ඉතා අඩු මුදලකට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ දැඩි අවධානය යොමු වී තිබෙන බවද වැඩිදුරටත් හෙළි වේ.

– දිවයින

Related posts

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

මැලේසියා කොටි ඩයස්පොරාව ශ්‍රී ලංකා තානාපතිට පහරදුන් හැටි (CCTV) VIDEO

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin