Colombo Today Local News

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු රජයේ යහපාලන සංකල්පයට පටහැනි ලෙස තම පෞද්ගලික අභිමතාර්ථ උදෙසා ක්‍රියා කරන බැවින් ඔවුන් ගැන වහාම සොයා බලා කඩිනමින් දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

ජනපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් කැඳවා රජයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නට පැවති සමාලෝචන රැස්වීමකදී මෙම චෝදනාත්මක පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ජාතික ආර්ථික ක්‍රියාවලියට හා ප්‍රධාන ජාතික සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ විෂයන් දෙකක් භාරව සිටින මෙකී අමාත්‍යවරුන්ට චෝදනා නගා ඇති ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් මෙකී අමාත්‍යවරුන් දෙදෙනා කරන කියන කටයුතු ගැන දීර්ඝ ලෙස කරුණු දක්වා වහාම ඔවුන්ගේ විෂයයන් වෙනස් නොකළොත් රජය අනතුරට පත්වන බවද සඳහන් කර ඇත. මේ ගැන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසද ඔවුන් ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම පැමිණිල්ලෙන් දින දෙකකට පසු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා පැයකට අධික කාලයක් පෞද්ගලික සාකච්ඡාවක් කර තිබේ. ඒ සඳහා සහභාගි වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණි. මේ හමුවේදී සාකච්ඡා කළ දේ මාධ්‍යයට අනාවරණය වී නැතත් ඉදිරියේ කළ යුතු වෙනස්කම් ගැන ජනපතිවරයාගේ මතය අගමැතිවරයාට දන්වා ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි

Deshaya

Related posts

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

රෝහණ විජේවීර යළි උපදියි !!(Photo)

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday