Colombo Today Local News

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

GSP+ බදු සහනය ලබා ගැනීමට නම් රජය විසින් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ඇති සමලිංගිත්වය නීතිගත කිරීම කල යුතු යයි අදාල කැබිනට් යෝජනාව අනුමැතිය සදහා ඉදිරිපත් කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසා තිබේ.

විදේශ ඇමති මංගල සමරවීර මහතා විදෙස් ගත වී ඇති නිසා ඔහු වෙනුවෙන් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබා නොදී එය සාකච්චා කිරීම පසුවට කල් දමා ඇත.

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ GSP+ බදු සහනය ලබා ගැනීම සදහා සමලිංගිකත්වය නීතිගත කිරීමේ කොන්දේසියට එකග විය නොහැකි බවයි.

යෝජිත ක්‍රියාකාරී සැලැස්මේ ඇති එකඟවිය හැකි කරුණුවලට එකඟ වන බවත් එකඟවිය නොහැකි කරුණුවලට කිසිසේත්ම එකඟ නොවන බවත් ඔහු වැඩි දුරටත් කීය.

Related posts

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

colombotoday

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday