Colombo Today Local News

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

එළැඹෙන වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවට බලපාන බවට පැවැසෙන නියඟය පැමිණීම අනිවාර්යය බවත් වර්ෂාව ඇතිවන්නේ නම් එය වාසනාවක් බවත් ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම නියඟය හරහා වී වගාවට බලපෑමක් අැතිවෙනු ඇති බවත් ඇතැම්විට එළවළු පවා ආනයනය කිරීමට ඉඩ තිබෙන බවත් අමාත්‍යවරයා අද (28දා) පැවැති හමුවේදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසුවේ එම නියඟයට මුහුණදීම සඳහා සාමූහිකව සූදානම් විය යුතු බවයි.

එසේම මාධ්‍ය මගින් ඒ සඳහා ජනතාව පෙළගැස්සවිය යුතු බවත් ඔහු පැවැසීය. වගා කටයුතු සඳහා ජලය බෙදා හැරීම අවම කර ඇත්තේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය ආරක්ෂා කර ගැනීමට බවත් ඔහු පැවැසීය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන මහතා පැවැසුවේ මාධ්‍යයට හා රජයට වෙන්ව යා නොහැකි බවත් එක්ව ගමන් කළ යුතු බවත්ය. නියඟයට මුහුණදිම සඳහා ඇතැම්විට විදේස් ආධාර පවා ඉල්ලීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

නියඟයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සකස්කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් එළැඹෙන 03දා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අනුර ප්‍රියදර්ශන මහතා පැවැසීය.

මාධ්‍ය ආයතන හරහා නියඟයෙන් ජනතාවට වෙන අවහිරතා මග හරවා ගැනිම සඳහා දිගින් දිගටම වැඩසටහන් සංවිධානය කරන ලෙසත් අමාත්‍යවරු මෙහිදි වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

Related posts

Video: දේශපාලක ෆොන්සේකාට ප්‍රතිපත්තියක් නෑ – 2010දී පිරිත් නුල් කෑල්ලක් ගැටගහන්න හිටියෙත් මම විතරයි – ඥානසාර හිමි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday