Covid 19

දුම්වැටි භාවිතා කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්

දුම්වැටි භාවිතා කරන පුද්ගලයින් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දුම් පානය හේතුවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය දුර්වලවන බවයි.

සිගරට්, සුරුට්ටු හෝ වෙනත් ඕනෑම දුම්වැටි භාවිතා කරන පුද්ගලයින්ගේ පෙනහලුවල ක්‍රියාකාරිත්වය දුර්වල වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වැළඳීමෙන් එවැනි අයට කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බව වෛද්‍යවරයා සදහන් කරයි.

“මෙහි ඇති බරපතලම තත්ත්වය තමයි දුම්පානය කරන පුද්ගලයින් ළග ඉන්න දරුවන්ට ද මේ ආකාරයටම සිගරට්වල විෂ දුම ශරීර ගගත වෙන්න පුළුවන්, ඒ විදිහට විෂ දුම ශරීර ගත වන දරුවන්ට කොවිඩ් වැළදුනොත් ඔවුන්ගේ ශරීරයේ බරපතල සංකූලතා මතුවෙලා මරණය පවා සිදු වෙන්න පුළුවන්.”

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 1,128ක්

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට කොරෝනා

colombotoday

පොලිසියේ 277කට කොවිඩ්

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday