Covid 19

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් පිරිස ඊයේ වාර්තා වෙයි – කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 10,000 පනී

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (03)දින දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 4 වන දින සිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,140කි.

ඊයේ (02) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 878ක් වාර්තා වු අතර, එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගැනුණි.

කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආසාදිතයින් අටුලුගමින් වාර්තා වී ඇත.

මේ අතර, මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක්, පුත්තලමෙන් 29 ආදි ලෙස වාර්තා වී තිබේ.

අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 25,409ක් ලෙස වාර්තා වේ.

එයින් පුද්ගලයින් 18,303ක් පුර්ණ සුවය ලබා තිබේ.

මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 6,982ක් දක්වා ඉහළ ගියේය.

Related posts

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

colombotoday

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday