Colombo Today Local News

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කරවීමට ඉන්දියාව ලබාදුන් සහයෝගයට වන්දි ගෙවීමක් ලෙස යහපාලන රජය ඉන්දියානු වාහනවලට බදු අඩු කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වාහන බදු වැඩිවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

“දින 100 වැඩපිළිවෙල යටතේ එන්ජින් ධාරිතාවය 1000ට අඩු වාහන වළ බදු විශාල ලෙස අඩුකළා. ඒ අඩුකිරීමේ ප්‍රතිඵලය ලෙස 2015 වර්ෂයේදී ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන වාහන ප්‍රමාණය සියයට 637කින් වැඩිවෙලා තිබෙනවා. මේක ඉන්දියාවට පමණක් වාසියක් සැලසෙන ලෙසත් , ජපානයට සම්පූර්ණයෙන් අවාසියක් ඇතිවෙන ලෙසත් මෙහෙම ජාත්‍යන්තර වෙළඳාමක් කරන රටත් ලෝකේ තවත් නැහැ.

මේක ඇතැම් විචාරකයින් හඳුන්වන්නේ මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීමට උදව්කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ගෙවපු වන්දියක් වශයෙන් තමයි. ඉන්දියානූ වාහනවළ තීරූබදු අඩුකරලා ඔවුන්ට අමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් 2015 වර්ෂයේදී ඉන්දියාවට ගිහින් තිබෙනවා.

ඉන්දියානු ජනතාව හිතනවා ඇති ලංකාවේ අපිට හොඳ මාරුතී මාමා කෙනෙක් ඉන්නවා. මාරුතී මාමා මරු. බදු අඩුකරලා අපේ ඉන්දියන් වාහන ටික විකුණගන්න ඉඩ දෙනවා කියලා”.

Related posts

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

colombotoday

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday