Colombo Today Local News

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත මාදු ගැටේ ප්‍රදේශයේ වැවක් ඉදිකළහොත් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් පහකට බලපෑම් එල්ල වන බවත්, මේ නිසා මෙම වැව වෙනත් ස්ථානයක ඉදිකරන ලෙස වාරිමාර්ග ඇමැතිවරයාට දැනුම් දුන් බවත් යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත පවසයි.

ලෝක උරුමයක් වූ සිංහරාජය ආශ්‍රිතව වැවක් ඉදිකිරීම පිළිබඳව යුනෙස්කෝ කණ්ඩායම වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ සමග ඉකුත් 23 වැනිදා සාකච්ඡා කළ බවද මහාචාර්යවරයා කීවේය.

ගිං ගඟේ මාදු ගැටේ ආශ්‍රිතව වේල්ලක් ඉදිකෙරෙන අතර, ජලය පිරුණු පසුව වේල්ලේ පිටත සිංහරාජ වනාන්තරයේ අක්කර පහක් ජලයෙන් යටවේ.

ලංකාගම මාදු ගැට ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැව ඉදිකිරීමට නොහැකි බවත්, එය ලෝක උරුම මාර්ගෝපදේශවලට විරුද්ධ බවත්, එය සිංහරාජ ලෝක උරුම තත්ත්වයට ගැටලුවක් ඇති වන බවද යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය ඇමැතිවරයා පිළිගත් බවත්, වැව ඉදිකිරීම සඳහා වෙනත් විකල්ප ස්ථානයක් සෙවීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට දැනුම් දුන් බවද මහාචාර්යවරයා කීවේය.

සිංහරාජය ආශ්‍රිතව වැව ඉදිකිරීම සඳහා අවසරය ලබාදිය හැකිදැයි විමසා යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවට ලිපියක් යවා තිබෙන බවත්, නමුත් ඊට අවසරය ලබා නොදෙනු ඇතැයි තමා සිතන බව ඇමැතිවරයාට දැනුම්දුන් බවද ඔහු සඳහන් කළේය.

Related posts

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට ?

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Admin

රටෙන් භාගයක ජනතාවක් නැවතත් දුගී භාවයට පත්වීමේ අවදානමක්! – ලෝක බැංකුව අනතුරු අගවයි

colombotoday