Colombo Today Local News

කාපු තැන අමතක වූ ඇමති රංගේට ගල්ලෑවේ පුණ්‍යසාර හිමි අතීතය මතක්කර දෙයි

range555ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පසු ගිය දිනවල මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින් අදහස් පලකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල වෑඋඩ පිරිවෙන් ආචාර්ය, බොදු බල සේනා සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක පුජ්‍ය ගල්ලෑවේ පුණ්‍යසාර හිමියන් ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබෙනවා.

gallawe punyasara thero 152

රංගේ බණ්ඩාර ගරු ඇමතිතුමාගේ දැනගැනීම සදහා.

ඔබ තුමා ඊයේ අදහස් ප්‍රකාසකරල තිබුනා හාමුදුරුවරුන්ට අපහාසවෙන විදිහට. ඒවා රූපවාහිණී නාලිකා තුලින් මටද දැක ගැනීමට ලැබුනා. ඔබ තුමාට මා මේ සූදානම් වෙන්නෙ අතීතය සිහිපත් කිරීමටයි.

ඔබ පාර්ලිමේන්තු යාමට පෙර වැල්ලව පොලීසියේ සේවය කලා ඔබට මතක ඇති. නමුත් පොලිස් නිළදාරියෙක් වෙන්න පෙර ඔබ තුමා හිටපු තැනත් එගෙන ගත්තු තැනත් මතකද? ඔබතුමා පොලීස් නිළදාරියෙක් කළේ කවුද කියල මතකද? මන් කියන්නම් මතක නැත්තම්.

කුරුණෑගල මාවතගම ඉලුකේවෙල පංසලේ තමයි ඔබතුමා හිටියෙ.එහෙ ඉදලා පාපැදිය පැදගෙන ඇවිත් අපේ වෑඋඩ පිරිවෙනේ තමයි ඔබතුමා ඉගෙන ගත්තෙ. ඉගෙනගෙන ඉවරවෙලා පංසලේ ඉන්නකොට එවකට හිටපු ලොකුහාමුදුරුවෝ ඉල්ලුම් පතක් ගෙනැත් දුන්නා මිනිස්සුන්ගෙ බත් කකා ඉන්නෙ නැතුව මෙන්න මේක පුරවලා පොලීසියට දාපිය කියල. ඔබ තුමාට මතකද දන්නෑ. ඒ අනුව තමයි ඔබතුමාගෙ ගමන් මග ආවෙ. හැබැයි ඔබතුමා හැදුනෙ චීවරේ යට. චීවරේට ලැබුනු බත් ටික තමයි ඔබතුමාට හාමුදුරුවෝ දුන්නෙ. හාමුදුරුවෝ තමයි ඉගැන්නුවේ. මෙහෙම ඇස්දෙක පාදපු හාමුදුරුවරුන්ට අපහාස කරනවානම් මන් හිතන්නෑ ඔබ සිංහලයෙක් බව. ඒවගේම ඉතිහාසය දන්නවා කියල. අපිට හරිම දුකයි ඔබතුමාට මුල අමතකවීම. බල ලෝබය වෙනුවෙන් ඕනම තුප්පැහි වැඩක් කරන බව දේසපාලුවන්ගේ ඉතිහාසය බවනම් පැහැදිලියි.

ගල්ලෑවේ පුණ්‍යසාර හිමි

Related posts

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයි

Admin

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

colombotoday

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

දේශපාලනයට ආවොත් ගෝඨාභය ලංකාවේ මීළග රාජ්‍ය පාලකයා වනවා නියතයි – විජිත රෝහණ

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin