Colombo Today Local News

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

jhuවිශ්‍රාම ගැනීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකයාට අයත් ජීප් රථයක් භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම අනුමත කළ නොහැකි කි‍්‍රයාවක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

හිටපු පොලිස් විශේෂ කාර්ය බළකායේ අධිපතිවරයා එහි හිටපු සුවිශේෂ දක්ෂ නිලධාරියෙක් වන බවත්, රටේ ජාතික ආරක්ෂාවට අදාළවත්, ප‍්‍රභූ ආරක්ෂාවට ආදාළවත් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ නිලධාරියෙක් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි,” ත‍්‍රස්තවාදය පැවැති සමයේ නැගෙනහිර පළාතේ ආරක්ෂාව සම්බන්ධව අමිල මෙහෙවරක් ඉටුකළ එම නිලධාරියා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හා ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවූ කීර්තිමත් නිලධාරියෙකි. රට පිළිබඳවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉතාම වගකීමකින් කටයුතු කළ එම නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අවභාවිතාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට ගැනීම විමතිය දනවන්නකි.

මේ රටේ යුද ජයග‍්‍රහණයට මුවා වී ජාතිපේ‍්‍රමීන් දේශපේ‍්‍රමීන් ලෙස පෙනී සිටිමින් කෝටි ප‍්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ, කොල්ල කෑ දූෂිත දේශපාලඥයන් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩ පිලුන් ගසද්දී මෙවැනි සුළු සිද්ධියකට එම නිලධාරියා රිමන්ඩ් ගත කිරීම රට පිළිබඳවත් රටේ ආරක්ෂාව පිළිබඳවත් කල්පනා කරන කෘතවේදී මැදහත් ජනතාව අනුමත නොකරන්නේය.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ ස්පාඤ්ඤ වියතෙකු වූ නීතිය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය මෙම සිදුවීමට කදිමට ගැළපේයැයි අපි සිතමු. ඔහු නීතිය මකුළු දැළ කට සමාන කර ඇත. මැස්සන් එහි පැටලේ. උකුස්සන්ට පියාඹායන්නට බාධාවක් නැති බව ඔහු ප‍්‍රකාශ කර ඇත. යනුවෙන් සඳහන් වේ.

Related posts

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday

ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday