New Constitution

“නව ව්‍යවස්ථාව සැකසීම පූජනීය කාර්යයක්.. අත හිත අපෙන්“ – විපක්ෂනායක ව්‍යවස්ථා නිර්දේශ ගැන ප්‍රීතියෙන්

tna sambandhan

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පූජනීය කාර්යයක් බැවැන් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනිවාර්යයෙන්ම සම්මත කර ගැනීමට අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී (19) තීරණය කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිය.

මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, මහජන ආරක්ෂාව නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත යන අනුකාරක සභා හයේ වාර්තා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

එමෙන්ම බලය බෙදා හැරීමේ මූලධර්ම පිළිබඳවද ‍පොලිස් බලතල හා ඉඩම් පිළිබඳවද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියමින් අගමැතිවරයා අනුකමිටු වාර්තා ඉදිරිපත් කළේය.
මෙම වාර්තා පිළිබඳ විවාදය ජනවාරි 09, 10 සහ 11 යන දිනවල පාර්ලිමේන්තුවේදී සිදුකරන බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත විවාද කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි බවද කීවේය.

මධ්‍යම රජය සහ පළාත්සභා අතර බලය බෙදීම සම්බන්ධයෙන් වූ “මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත“ අනුකාරක සභා වාර්තාව අනුව ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට පැවරීම, පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම, දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම, මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම, පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම ආදී කරුණු ගණනාවක් නිර්දේශ කර ඇත.

එහි සම්පූර්ණ වාර්තාව මෙතැනින්

Related posts

“ෆෙඩරල් ව්‍යවස්ථාව ඉක්මන් කරනු“ – දෙමළ පක්ෂවලින් රජයට රතු එළි !

colombotoday

“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්

colombotoday

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් අපි රට ෆෙඩරල් කරනවා“ – ජනපති, අගමැති නොකියන දේ මංගල කියයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා

colombotoday