Colombo Today Local News

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව අලෙවි කිරිමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (25)දින උපදෙස් දී තිබේ.

දෙමටගොඩ පිහිටි දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මෙවැනි අබිලි ද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 7000ක් පමණ දෙපාර්තමේන්තුවේ අංගනවල තිබෙන බවත් එහිදී අණාවරනය විය.

ඒවා අලෙවි කිරිම තුළින් 2022 වසරේ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

දෛනිකව දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සිදු කෙරෙන අලුත්වැඩියාවන්, දුම්රිය පිලිපැනීම්වලදි සිදු කෙරෙන නඩත්තු කටයුතු, හදිසි ආපදාවන් වැනි කාර්යයන් දෙමටගොඩ යාන්ත්‍රික දුම්රිය අංගනය මගින් සිදු කෙරේ.

Related posts

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday

නව ලෝක වාර්තාවක්

Admin