Colombo Today Local News

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් CIDයට පැමිණිල්ලක්

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනාවන්ට විරෝධය පළ කරමිනි.

සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම සියලු චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.

තමා කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා පවසයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Related posts

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday